ජුනි 29 වෙනි දින සිට පියවර 4ක් යටතේ පාසල් පද්ධතිය ක්‍රියාත්මක කරනු ලබන බව අද දින රජය නිවේදනය කරනු ලැබුවා.
ඒ අනුව ජුනි 29 දින පාසල් ගුරුවරුන් ඇතුලු කාර්යය මණ්ඩල පාසල් වෙත පැමිණීමත්, නිසි සෞඛ්‍යාරාක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීමට අවශ්‍ය පියවර ගැනීමත් කළ යුතු බවයි රජය නිවේදනය කරන්නේ.
දෙවන අදියර ලෙස උසස් පෙළ (13 වසර) 11 ශ්‍රේණිය හා 5 ශ්‍රේණිය සඳහා ජූලි 06 දින සිට පාසල් ආරම්භ කෙරන අතර, තෙවන අදියර යටතේ 12 හා 10 ශ්‍රේණි සඳහා පාසල් ආරම්භ කරන්නේ ජූලි 20 වන දින.
අවසන් අදියරය ලෙස 3, 4, 6,7, 8 හා 9 වන ශ්‍රේණි සඳහා පාසල් ජූලි 27 වන දින සිට පාසල් ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරන්නේ
Latest posts by කහගල චන්දාලෝක හිමි (see all)
- මව්බිම සුරකින යතිවර සළකුණ….. - March 16, 2021
- රෝ බිය දුරුවී ලොව සුවපත් වේවා! - December 18, 2020
- ඵලදායිතාවට – ඵලදායී පියවරක්………… - August 24, 2020