අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යාපන ඒකකය හා ඵලදායිතා ලේකම් කාර්යාලයේ නියමු වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක වන ඵලසපිරි පිරිවෙන් වැඩසටහන යටතේ ඵලදායිතා සම්මාන තරගාවලිය සඳහා අයදුම් කළ අම්පාර දිස්ත්‍රික් පිරිවෙන් බලාත්මක කිරීමේ වැඩමුළුවක් පහුගියදා අම්/ විද්‍යානන්ද මහ පිරිවෙන් පරිශ්‍රයේදී පැවැත්වුණා.
අම්පාර දිස්ත්‍රික් භාර සහකාර අධ්‍යාපන අධ්යක්ෂ මාපාකඩ පේමරතන හිමිපාණන් වහන්සේ ගේ උපදේශකත්වයෙන් හා මග පෙන්වීමෙන් අම්පාර දිස්ත්‍රික් පිරිවෙන් සම්බන්ධීකරණ නිලධාරි ආචාර්ය කිරිඳිවැල සෝමරතන නාහිමි පාණන් වහන්සේගේ හා අම්පාර දිස්ත්‍රික් පිරිවෙන් සම්බන්ධීකරණ නිලධාරි කහගල චන්දාලෝක හිමියන්ගේ සම්බන්ධීකරණයෙන් මෙම වැඩමුළුව සංවිධානය කෙරුණා.
අම්පාර දිස්ත්‍රික්කයේ පිරිවෙන් ඵලදායිතාව සඳහා සූදානම විමසීමේ අරමුණින් ඵලදායිතා ප්‍රාථමික විගණන කාර්යය මේවන විටත් සිදුකර අවසන්. ඵලදායිතාව වඩාත් අර්ථ ගන්වන්නට මෙම වැඩමුළුව සංවිධෘනය කෙරුණා. මෙම වැඩමුළුව බලගැන්වෙන්නේ, ඵලදායිතා ලේකම් කාර්යාලයේ ඵලදායිතා සංවර්ධන නිලධාරි, වැඩසටහන් සම්බන්ධීකාරක රොෂාන් ප්‍රසාද්, ඵලදායිතා ප්‍රවර්ධන නිලධාරීන් වන දේශප්‍රිය චන්ද්‍රසේඛර, සිසිර දිසානායක, ප්‍රභාත් දිසානායක, මංජුල රොද්‍රිගු යන නිලධාරි මහතුන්ගේ සම්පත් දායකත්වයෙන්.
අම්පාර දිස්ත්‍රික් පිරිවෙන් ගුරු උපදේශක මණ්ඩලය හා අම්/ විද්‍යානන්ද මහ පිරිවෙන් පරිවෙනාධිපති, බුද්දම විපස්සි හිමි හා ආචාර්ය මණ්ඩලය මෙම වැඩසටනේ සංවිධායක ශක්තිය වන අතර දිස්ත්‍රික්කයේ පිරිවෙන් වල පරිවෙනාධිපති හිමිවරුන් හා සියළු පරිවෙනාචාර්ය වරුන් සහභාත්වයෙන් වැඩමුළුව බලගැන්වුණා.
- රෝ බිය දුරුවී ලොව සුවපත් වේවා! - December 18, 2020
- ඵලදායිතාවට – ඵලදායී පියවරක්………… - August 24, 2020
- Covid 19 පැතිරීම වැළැක්වීමට පාසල් හා අධ්‍යාපන ආයතන සුදානම් කිරීම සඳහා චක්‍රලේඛය සහ උපදෙස් සංග්‍රහය - May 20, 2020