ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මෙහෙයවන ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය සඳහා පාසල් අංශය යටතේ පිරිවෙන් සඳහාද අයදුම් කළ හැකිවනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යාපන ඒකකය මේ සඳහා සියලු පිරිවෙන් හා සීලමාතා ආයතන අයැදුම් කරන ලෙසයි නිවේදනය කරන්නේ. ඒ සඳහා වන උපදෙස් හා නියමයන් පිළිබඳව පිරිවෙන් අධ්‍යාපන අධ්යක්ෂ, පූජ්‍ය වටිනාපහ සෝමානන්ද හිමිපාණන්ගේ අත්සනින් නිකුත් කර ඇති ED/1/8/8/2/1 අංක දරන ලිපිය මගින් අවධාරණය කරන්නේ සියලු පිරිවෙන් හා සීලමාතා අයාතන මේ සඳහා අයැදුම් කිරීම අනිවාර්යය බවයි. (එම ලිපිය මෙතැනින් ලබා ගන්න)
පිරිවෙන් අධ්‍යාපනය ගුණාත්මකව සංවර්ධනය කිරීම සඳහා මෙම වැඩසටහන උපකාරී වන බව වැඩිදුරටත් සඳහන් කරන උන්වහන්සේ, සම්භාව්‍ය අධ්‍යාපනයේ කේන්ද්‍රය වන පිරිවෙන නව්‍ය අධ්‍යාපන අවස්ථාවන් හා කළමනාකරණ ක්‍රමවේදයන් සඳහා අනුගත වෙමින් කටයුතු කිරීම යුගයේ අවශ්‍යතාවක් බවයි. එම අරමුණු සාර්ථක කරගැනීම සඳහා මෙම තරගාවලියේ යෝග්‍යතාව උන්වහන්සේ පෙන්වා දෙනවා.
ඵලදායිතා තරගාවලිය සඳහා අයැදුම් කරන ආකාරය හා අවශ්‍ය උපදෙස් සඳහා මෙම දිගුව භාවිතා කරන්න. https://amparapiriven.com/news/ඵලදායිතා-තරගාවලිය-පිරිවෙ/
- රෝ බිය දුරුවී ලොව සුවපත් වේවා! - December 18, 2020
- ඵලදායිතාවට – ඵලදායී පියවරක්………… - August 24, 2020
- Covid 19 පැතිරීම වැළැක්වීමට පාසල් හා අධ්‍යාපන ආයතන සුදානම් කිරීම සඳහා චක්‍රලේඛය සහ උපදෙස් සංග්‍රහය - May 20, 2020