ඵලදායිතා ලේකම් කාර්යාල මගින් කෙරෙන ඵලදායිතා සම්මාන තරගාවලිය සඳහා අයදුම් කිරීමට පිරිවෙන් අංශය මේවන විටත් සූදානමින් සිටිනවා. එහි පළමු අදියරේ නියමු වැඩසටහනක් ලෙස පිරිවෙන් ඵලදායිතාව සඳහා සූදානම් විය යුත්තේ කෙසේද යන්න පිළිබඳ දැනුම්වත් කෙරෙන වැඩසටහනක් 2020.07.07 වන දින අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්වුණා. කොවිඩ් 19 උවදුර හේතුවෙන් සමාජ දුරස්ථ භාවය ආරක්ෂා කරගනිමින් මෙම වැඩසටහන දිවයින පුරා දැනුම්වත් කෙරුණේ online ක්‍රමයට. ඒ Microsoft Teams යෙදවුම භාවිත කරමින්.
දිවයින පුරා විසිරී පවතින පිරිවෙන් 800 ක් තරම් ප්‍රමාණයක් එකවර මෙම වැඩසටහන ට සම්බන්ධ වීම ඓතිහාසික කාර්යයක්. ඵලදායිතා ලේකම් කාර්යාලය හා පිරිවෙන් අධ්‍යාපන ශාඛාවේ එකමුතුවෙන් සිදු කෙරුණු මෙම දැනුම්වත් කිරීමේ හමුව පිරිවෙන් අධ්‍යාපන අධ්යක්ෂ වටිනාපහ සෝමානන්ද නාහිමියන්ගේ උපදේශකත්වයෙන් පිරිවේ අධ්‍යපන අධ්යක්ෂ (සංවර්ධන) කන්තලේ විජිතවංශ හිමිපාණන්ගේ සමබන්ධීකරණයෙන් සිදුවූවක්.
එහිදී ඵලදායිතා ලේකම් කාර්යාලය මගින් ඵදායිතා අයදුම්පත සම්පූර්ණ කිරීම හා තරගාවලිය සඳහා ඉදිරිපත් විය යුතු ආකරය පිිළිබඳ කළ දැනුම්වත් කිරීමේ දේශණය පුරා පැය 4 ක් තරම් කාලයක් සිදු කෙරුණා.
මෙහි දැක්වෙන එම වැඩසටහනේ වීඩියෝවෙන් වැඩිදුරටත් දැනුම්වත් විය හැකියි.
ඵලදායිතා සම්මාන තරගාවලිය සඳහා අයදුම් කළයුතු ආකාරය පිළිබඳ වැඩිතොරතුරු
- රෝ බිය දුරුවී ලොව සුවපත් වේවා! - December 18, 2020
- ඵලදායිතාවට -- ඵලදායී පියවරක්………… - August 24, 2020
- Covid 19 පැතිරීම වැළැක්වීමට පාසල් හා අධ්‍යාපන ආයතන සුදානම් කිරීම සඳහා චක්‍රලේඛය සහ උපදෙස් සංග්‍රහය - May 20, 2020