දිවයිනේ සියලුම පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතන ආරම්භය පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.
මෙම නිවේදනයේ සඳහන් පරිදි පිරිවෙන් ආරම්භය අදියර හතරකින් සිදු කළයුතු බවයි පිරිවෙන් අධ්‍යාපන ශාඛාවේ අධ්යක්ෂ, පූජ්‍යපාද වටිනාපහ සෝමානන්ද හිමිපාණෝ අවධාරණය කරන්නේ,
ඒ අනුව පළමු අදියර යටතේ – ජුනි 29 වන දින සියලු පිරිවෙන්වළ පරිවෙනාධිපති හිමිවරුන් හා ආචාර්ය මණ්ඩලය පිරිවෙන් වෙත රාජකාරි වාර්තා කිරීම කළයුතු වනවා. තම පිරිවෙන/සීලමාතා ආයතනය අයත් ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ නිලධාරින් දැනුම්වත් කොට පිරිවෙන ආරම්භ කිරීමට අවශ්‍ය පසුිම සකසා ගැනීමයි මෙහිදී කළයුතුවන්නේ.
දෙවන අදියර
ශිෂ්‍ය සංඛ්‍යාව 100 කට අඩු පිරිවෙන් පූර්ණ වශයෙන් අධ්‍යාපනන කටයුතු ආරම්භ කළ යුතු වන්නේ ජුලි මස 6 වන දින.
සිසුන් 100 ට වැඩි හා විද්‍යායතන පිරිවෙන් වල පිරිවෙන් ආරම්භ කළයුතු වන්නේ පහත අයුරින්,
ජුලි 6 වන දින මූලික පිරිවෙන් වල 4 – 5 වසර හා
මහ පිරිවෙන් වල 5 වසර , ප්‍රාචීන ප්‍රාරම්භ, ප්‍රාචීන මධ්‍යම, ප්‍රාචීන අවසාන වසර හා උසස් පෙළ 13 වසර ආරම්භ කළයුතු වනවා.
විද්‍යායතන පිරිවෙන් වල ආරම්භ කළයුතු වන්නේ 11 වසර හා 13 වසර යි.
තෙවන අදියර
ශිෂ්‍ය සංඛ්‍යාව 100 ට වැඩි මූලික පිරිවෙන්, මහ පිරිවෙන්, විද්‍යායතන පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතන ආරම්භ කළයුතු වන්නේ පහත දැක්වෙන අයුරින්, ඒ ජුලි මස 20 වන දින සිට.
මූලික පිරිවෙන් – මූලික ශ්‍රේණිය,1,2,3 වසර
මහ පිරිවෙන් – මූලික ශ්‍රේණිය,1,2,3, 4 වසර හා 12 වසර
විද්‍යායතන පිරිවෙන් – 10 හා 12 ශ්‍රේණි.
සිව්වන අදියර
ශිෂ්‍ය සංඛ්‍යාව 100 ට වැඩි විද්‍යායතන පිරිවෙන් වල 6,7,8, හා 9 ශ්‍රේණි ජුලි 29 වන දින ආරම්භ කළයුතු බවයි වැඩි දුරටත් එම නිවේදනයේ සඳහන් වන්නේ.
මේ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනය මෙම යොමුවෙන් ලබාගන්න. (මාධ්‍ය නිවේදනය)
- රෝ බිය දුරුවී ලොව සුවපත් වේවා! - December 18, 2020
- ඵලදායිතාවට – ඵලදායී පියවරක්………… - August 24, 2020
- Covid 19 පැතිරීම වැළැක්වීමට පාසල් හා අධ්‍යාපන ආයතන සුදානම් කිරීම සඳහා චක්‍රලේඛය සහ උපදෙස් සංග්‍රහය - May 20, 2020