අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යාපන ශාඛාවේ සියලු මාණ්ඩලික නිලධාරි හිමිවරුන් / නිලධාරීන් හා ගුරු උපදේශක මණ්ඩලය අද දින මාර්ගගතව හමුවුණා. පිරිවෙන් ඉතිහාසය තුළ මෙවන් හමුවක් සිදු වූ පළමු අවස්ථාව මෙයයි.
Microsoft Teams යෙදවුම හරහා දිවයින පුරා විසිරී සිටින සියලු සහකාර අධ්‍යාපන අධ්යක්ෂ හිමිවරුන්/මහත්වරුන්, සම්බන්ධීකරණ නිලධාරි හිමිවරුන් හා ගුරු උපදේශක හිමිවරුන් හා මහත්වරුන් 117 දෙනෙකු මේ හමුවට සහභාගි වුණා.
පිරිවෙන් අධ්‍යාපන අධ්යක්ෂ පූජ්‍යපාද වටිනාපහ සෝමානන්ද හිමිපාණන්ගේ මූලිකත්වයෙන් මෙම හමුව කැඳවුණේ ඉදිරි පිරිවෙන් අධ්‍යාපනයේ දිශානතිය පිළිබඳව අවධානය යොමුකිරීමට.
මෙහි දී අදහස් දැක්වූ අධ්යක්ෂ හිමිපාණෝ සඳහන් කරන්නේ මෙම නව තාක්ෂණික ප්‍රවේශය වඩාත් ඵලදායී ලෙස පිරිවෙන් අධ්‍යාපනය නංවාලීම සඳහා භාවිතා කළ යුතු බව. එහි ආදර්ශක් ලෙස මේ වන විටත් අන්තර්ජාල පිරිවෙන සාර්ථක අයුරින් ක්‍රියාත්මක කිරීමට හැකිවී තිබෙනවා. පළාත් මට්ටමින් ගුණාත්මක පිරිවෙන් දර්ශකයක් නිර්මාණය කිරීමේ ක්‍රියාවලියක මේවන විට පිරිවෙන් අංශය නිරතවන අතර එහි නියමු වැඩසටහනක් ලෙස ඵලදායිතා ඇගයීම් තරගාවලියට පිරිවෙන් අයදුම් කිරීමේ වැදගත් කම අවධාරණය කෙරුණා.
පිරිවෙන් අධ්‍යාපන ශාඛාවේ අධ්‍යාපන අධ්යක්ෂ (සංවර්ධන) පූජ්‍යපාද කන්තලේ විජිතවංශ හිමිපාණන්ගේ නියාමනය මේ කාර්යයේ දී වඩාත් සක්‍රියව සිදුවනවා. ඉදිරියේ දී සියලු පිරිවෙන් වල ගුණාත්මක දර්ශකය නිර්මාණය කිරීම මගින් පිරිවෙන් වඩාත් ගුණාත්මක අධ්‍යාපන ආයතනයක් බවට පත් කරගැනීම පිරිවෙන් අධ්‍යාන ශාඛාවේ අරමුණ බව මෙහිදී සාකච්ඡා කෙරුණා.
- රෝ බිය දුරුවී ලොව සුවපත් වේවා! - December 18, 2020
- ඵලදායිතාවට – ඵලදායී පියවරක්………… - August 24, 2020
- Covid 19 පැතිරීම වැළැක්වීමට පාසල් හා අධ්‍යාපන ආයතන සුදානම් කිරීම සඳහා චක්‍රලේඛය සහ උපදෙස් සංග්‍රහය - May 20, 2020