පිරිවෙන් අධ්‍යාපනයේ උන්තතිය ට බුදුසරණින් අතහිත. ලේක්හවුස් ආයතනය මගින් සෑම පොහෝදිනකම නිකුත් වන බුදුසරණ පුවත් පත, තම පිටු අතරින් පිරිවෙන් වෙනුවෙන් පිටුවක් වෙන්කරන්නට කටයුතු කර තිබෙනවා. පිරිවෙන් අධ්‍යාපන උපදේශක, පූජ්‍යපාද දොඩම්පහල රාහුල හිමිපාණන්ගේ සංකල්පය හා මගපෙන්වීම යටතේ පිරිවෙන් අධ්‍යාපනය හා පිරිවෙන් මගින් ඉටු කෙරන ආගමික, සාමාජික සේවාවන් පිළිබඳ පුවත් පළ කිරීමටයි මෙම ඉඩ වෙන් කෙරෙන්නේ. එහි පළමු පියවර ලෙස 2020.07.04 වන දින නිකුත් වූ ඇසල පසළොස්වක කලාපයේ පිරිවෙන නමින් වන පිටුවට පිරිවෙන් අධ්‍යාපන උපදේශක, පූජ්‍යපාද දොඩම්පහල රාහුල හිමිපාණන් වහන්සේ, පිරිවෙන් අධ්‍යාපන අධ්යක්ෂ, පූජ්‍යපාද වටිනාපහ සෝමානන්ද හිමිපාණන් වහන්සේ හා අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමන් සිය සුබ පැතුම් එක්කර තිබෙනවා.
පිරවෙන් අධ්‍යාපනයේ විකාශය පිළිබඳ වන ලිපියකින් එය හැඩ වන්නේ කොටනෙළුවේ පුඤ්ඤානන්ද හිමිපාණන් වහන්සේ හා ඌරුගමුවේ අස්සජි හිමිපාණන්ගේ සංස්කාරකත්වයෙන්.
දිවයිනේ විසිරී පවතින 825 ක් තරම් වන පිරිවෙන් මගින් ඉටුකෙරන කටයුතු පිළුබඳව පුවත් බුදුසරණ වෙත යොමුකරණ ලෙසයි සංස්කාරක දැනුම්වත් කරන්නේ.
ඒ සඳහා budusarana@lakehouse.lk විද්‍යුත් ලිපිනය භාවිත කළ හැකියි.
තැපැල් මගින් යොමු කරන්නේ නම්, බුදුසරණ කර්තෘ මණ්ඩලය, ලේක්හවුස්, කොළඹ යන ලිපිනයට යොමුකළ හැකියි
- රෝ බිය දුරුවී ලොව සුවපත් වේවා! - December 18, 2020
- ඵලදායිතාවට – ඵලදායී පියවරක්………… - August 24, 2020
- Covid 19 පැතිරීම වැළැක්වීමට පාසල් හා අධ්‍යාපන ආයතන සුදානම් කිරීම සඳහා චක්‍රලේඛය සහ උපදෙස් සංග්‍රහය - May 20, 2020