අන්තර්ජාල පිරිවෙන පොඩි හාමුදුරුවන්ට ටියුෂන් පන්තියක්….

උද්ගතවූ කොවිඩ් 19 වසංගතයත් සමග සමස්ථ අධ්‍යාපනය තුළම සිදුවූයේ බිඳ වැටීමක්. මාස තුනකට අධික කාලයක් පාසැල්වල වසා දමා තිබුණේ සමාජ දුරස්ථභාවය ආරක්ෂාකරනු වස්. තෙමසක් පුරා දරුවන්ගේ අහිමි වූ අධ්‍යාපන අවස්ථාවන් යලි අත් පත් කර දෙන්නට අධ්‍යාපන අමාත්‍යාංශය වගේම තනි තනිව පාසල් පද්ධතිය ‍උත්සාහ දරනු දක්නට හැකිවුණා.
ශ්‍රී ලංකාවේ ආරාමික අධ්‍යාපනය මෙන්ම සම්භාව්‍ය අධ්‍යාපන ආයතනය වන්නේ පිරිවෙන. ලංකාව පුරා පිරිවෙන් අටසියයකට අධික ප්‍රමාණයක් ක්‍රියාත්මක වනවා සීලමාතා ආයතනත් ඒ අතරට අයත්. මෙම ආයතන වල ඉගෙනුම ලබන සාමණේර හිමිවරුන්ගේ මෙන්න ගිහි සිසුන්ගේ අහිමිවන අධ්‍යාපන අවස්ථාවන් යළි අත්පත්කර දෙන්නට ගත් වෑයමක් අන්තර්ජාල පිරිවෙන.
අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යාපන ශාඛාවේ අධ්‍යාපන අධ්‍යක්‍ෂ පූජ්‍යපාද වටිනාපහ සෝමානන්ද නාහිමියන්ගේ සංකල්පයක් මත ආරම්භ වූ මෙම වැඩසටහන පසුගිය මැයි 21 වන දින නිල වශයෙන් ආරම්භ වූයේ අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමාගේ සහභාගිත්වයෙන්.
ගතවූ මසක පමණ කාලය තුළ අන්තර් ජාල පිරිවෙන සිසුන් අතරට සමීප වන්නට ගත් උත්සාහය අගය කළ යුත්තක්. අන්තර්ජාල පිරිවෙන වෙත සුබ පැතුම් එක්කරමින් අම්පාර දිස්ත්‍රික් පිරිවෙන් සමූහය මේ සටහන තබන්නේ සොම්නසින් යුතුව. ඒ පිරිවෙන් අධ්‍යාපනයේ නව නැම්මක් උදෙසා ගත් තාක්‍ෂණික උත්සාහය නැවුම්වන නිසා.
මේ වෙනුවෙන් සම්පත් බෙදාගත් ‍හැම දෙනා ඒ කාර්යයට එක්වන්නේ සොමනසින්.
මේ වන විට අන්තර්ජාල පිරිවෙන සතුව විෂය කරුණු සාකච්ඡා කෙරන වීඩීයෝ රැසක් මෙන් ම ඉගෙනුම් ආධාරක රැසක් හිමියි. එය එක් තැනක කේන්ද්‍ර වූ අධ්‍යාපන සම්පත් සමූහයක්. පිරිවෙන් අධ්‍යාපනය වෙනුවෙන් උපකාරක පන්ති නොපැවැත්වෙන පසුබිමක ඒ ඉගෙනුම් ආධාරක පිරිවෙන් සිසුන්ගේ දැනුම නංවන තෝතැන්නක්.
මේ අන්තර්ජාල පිරිවෙන් සංකල්පය යතාර්ථයක් කරන්නට කැපවූ පුරෝගාමියකුගේ සංවාදයක්
ගාලු දිස්ත්‍රික් තොරතුරු තාක්‍ෂණ විෂය ගුරු උපදේශක (පිරිවෙන්), සුනිල් ජයසිංහ මහතා පළකළ අදහස්.

වීඩියෝ උපුටනය -- AmawathuraTV යූටියුබ් චැනලයෙනි

පොඩි හාමුදුරුවන්ට නියම ටියුෂන් පන්තියක්..
Watch this video on YouTube.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: