ශ්‍රීලංකාවට නැගෙනහිරින් ත්රික්රණාමලයට ඔබ්බෙන් වන මුහුදු කලාපයේ ඇතිවන අවපීඩන තත්ත්වයක් සුළි කුණාටුවක් බවට හැරවී රට අභ්‍යන්තරයට ඇතුළුවීමේ අවදානමක් පිළීබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේනතුව පෙර අනතුරු ඇඟීවීම් කො තිබෙනවා. “බූර වී” නමින් නම්කොට ඇති මෙම සුළි කුණාටුව පැයට කිලෝමීටර් 80 – 100 ක වේගෙව්ර හමන සුළං ප්රචණ්ඩ අයුරින් හැසිරිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේතුව පෙන්වා දෙන්නේ ඉදිරි පැය කිහිපයේදී නැගෙනහිර, උතුරුමැද, උතුර හා වයඹ පළාත්වල කාලගුණික වෙනස්වීම් හා වර්ෂාව පැවතිය හැකි බවයන් නිවේදනයේ සඳහන් වන්නේ.
පවතින තත්ත්වය මත නැගෙනහිර පළාතේ සියලු පාසැල් 2, 3, 4 යන දිනයන්හි නිවාඩු ප්‍රකාශ කරන බව නැගෙනහිර පළාත් ආණෟඩුකාරවරිය නිවේදනය කර තිබෙනවා.
එම අයහපත් කාලගුණික තත්ත්වය මත පිරිවෙන් සඳහාද එම නිවාඩුව ලබා දෙන ලෙස අධ්‍යාපන අධ්යක්ෂ (පිරිවෙන්) පූජ්‍යපාද වටිිනාපහ සෝමානන්ද හිමිපාණන් උපදෙස් දී ඇත්තේ.
- රෝ බිය දුරුවී ලොව සුවපත් වේවා! - December 18, 2020
- ඵලදායිතාවට – ඵලදායී පියවරක්………… - August 24, 2020
- Covid 19 පැතිරීම වැළැක්වීමට පාසල් හා අධ්‍යාපන ආයතන සුදානම් කිරීම සඳහා චක්‍රලේඛය සහ උපදෙස් සංග්‍රහය - May 20, 2020