මව්බිම සුරකින - යතිවර සළකුණ - එස්.මහින්ද හිමි ගුණසමරුව අම්පාරේ මුලුදුන් දා....
වසර 1505 පසු උදාවන යුගය ශ්‍රී ලංකාද්වීපයේ ආර්ථික, සංස්කෘතික, ජාතික විපර්යාසයන් සිදුවූ යුගයකි. ඉන් ඉදිරියට දිවෙන ශතවර්ෂ හතරකට අධික කාල පරාශය අප හඳුන්වන්නේ යටත් විජිත යුගය ලෙසිනි. යුරෝපීයයන් ගේ විවිධ අඩම්තේට්ටම් වලට ලක්වන මව්බිම ඉන් නිදහස් කරගැනීමට ඒ ඒ යුගයන්හි පෙරමුණ ගෙන කටයුතු කළ පුරෝගාමියෝ බොහෝ වූහ. ඒ අතරින් සමීපාතීතය තුළ පෙරමුණ ගත් විරුවන් අතර සිහි කළයුතු යතිවරයන් වහන්සේලා සමූහයකි. ඒ අතරින් ටිබෙට් ජාතික සිකිම් මහින්ද හිමියන් (එස්.මහින්ද හිමි) අප සිහිකළ යුත්තේ උන්වහන්සේ කවිය අවියක් කරගනිමින් දේශය අවදි කරවීමට ගත් අනවරත උත්සාහය හේතුවෙනි. විදේශිකයකු වුවත් බෞද්ධ භික්ෂූවක් ලෙස උන්වහන්සේ පෙරමුණ ගන්නේ භික්ෂුවක සතු කාර්යයභාරය මේ යැයි ප්‍රකට කරවමිනි. එවන් චරිත තුළ ගැබ්ව ඇත්තේ සදානුස්මරණීය යති ගුණයන්ය. ආධ්‍යාත්මික විමුක්තිය සොයන භික්ෂුව ස්වකීය මව්බිම හමුවේ වන අර්බුදයන් හඳුනාගනිමින් කළයුතු මෙහෙවර ආධ්‍යාත්මික විමුක්තියට පමණක් දෙවැනි වන බව උන්වහන්සේ ප්‍රකට කළහ. එවන් ප්රගතිගාමී උදාර භික්ෂුව, ඉතිහාසය පුරාම දුටුගැමුණු රජසමයේ පටන් ජාතික ව්‍යසනයන්හි පෙරමුණ ගෙන ක්‍රියා කළහ.
උන්වහන්සේ කළ ජාතික මෙහෙවර අගයමින් වසර 70 ක යුග මෙහෙවර සමරණ ගුණ සමරු වැඩසටහන අම්පාර දිස්ත්‍රික් පිරිවෙන් සමූහයේ සංවිධානයෙන් අම්පාර නගරශාලා පරිශ්‍රය තුළ මුලුදුන් අවස්ථාව
- මව්බිම සුරකින යතිවර සළකුණ….. - March 16, 2021
- රෝ බිය දුරුවී ලොව සුවපත් වේවා! - December 18, 2020
- ඵලදායිතාවට – ඵලදායී පියවරක්………… - August 24, 2020