ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මගින් පිරිවෙන් සඳහා ඵලදායිතා ඇගයීම් හා සම්මාන පිරිනැමීම සඳහා පියවර ගෙන තිබෙනවා. පෙර වසර වලදී පිරිවෙන් මගින් ලබා දුන් ඵලදායිතා ප්‍රතිඵල පිළිබඳව සාධනීය ඇගයීමකුයි ඇත්තේ. ඒ අනුවයි පිරිවෙන් අධ්‍යාපන ශාඛාව මගින් මෙවරත් ඵලදායිතා වැඩසටහන සඳහා අයදුම් කරන ලෙස පිරිවෙන් දැනුම්වත් කර තිබෙන්නේ.
එම තරගාවලිය සඳහා අයදුම් කිරීමට පිරිවෙන් සඳහාද අවකාශ සලසා තිබෙනවා.
අයදුම්පත් භාරගන්නා අවසාන දිනය ජූලි 24 වන දින ලෙසයි ඵලදායිතා ලේකම් කාර්යාලය නිවේදනය කරන්නේ.
අයදුම්පත් පිරවීමෙ අදියර දෙකකින් සිදු කළ යුතුවනා ඒ අනුව පළමු අදියරේ දී විද්‍යුත් ලියාපදිංචිය සඳහා මෙතැනින් පිවිසීමට හැකියි
මීට පෙර වසර වලදී ඔබ ඵලදායිතා වැඩසටහනට සම්බන්ධ වූ ආයතනයක් නම් කළයුතු වන්නේ ඔබේ සහභාගිත්වය තහවුරු කිරීම පමණයි ඒ සඳහා මේ යොමුව භාවිත කරන්න.
අදාල අයදුම්පත පිරවීම හා අවශ්‍ය වෙනත් උපදෙස් පහතින් දක්වන අතර ඔබට ඇවිසනම් එහි PDF පිටපතක් Download කරගත හැකියි. වැඩි තොරතුරු ඵලදායිතා ලෙකම් කාර්යාලයෙන් හෝ මෙහි පහතින් Comment කිරීමෙන් ලබා ගත හැකියි.
ඵලදායිතාව- මව්බිම සුරකින යතිවර සළකුණ….. - March 16, 2021
- රෝ බිය දුරුවී ලොව සුවපත් වේවා! - December 18, 2020
- ඵලදායිතාවට – ඵලදායී පියවරක්………… - August 24, 2020
පලදායිතා උපදෙස් පත එවන්න
උපදෙස් හා අයදුම්පත් සියල්ල මෙහි තිබෙනවා.