අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යාපන ශාඛාව මගින් නව අධ්යක්ෂ මණ්ඩලක් පත්කරනු ලැබුවා. එහිදී සහකාර අධ්‍යාපන අධ්‍යක(පිරිවෙන්) තනතුරු 64 ක් හා නියෝජ්‍ය අධ්‍යාපන අධ්යක්ෂ (පිරිවෙන්) තනතුරු 17 ක් සඳහා පත්වීම් සිදුකෙරුණා. ඒ පසුගිය දා අධ්‍යාන අමාත්‍යාංශයේ දී, දහම්පාසල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්.
පිරිවෙන් අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය සඳහා අවශ්‍ය කෙරෙන නියාමනය හා අධීක්ෂණ කාර්ය ඉටුකිරීමට අවශ්‍ය යාන්ත්‍රණය විධිමත් අයුරින් සකස් කිරීම මෙම නවක පත්වීම් වල අරමුණ බවයි අධ්‍යාපන අධ්යක්ෂ (පිරිවෙන්) වටිනාපහ සෝමානන්ද හිමිපාණන් පවසන්නේ. ඒ අනුව නව සහකාර අධ්‍යාපන අධ්යක්ෂ (පිරිවෙන්) මගින් පිරිවෙන් නියාමනය, සුපරික්ෂණය හා අධීක්ෂණ ාර්යයත් පිරිවෙන් සංවර්ධනය සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමත් සිදුවන අතර, නියෝජ්‍ය අධ්‍යාපන අධ්යක්ෂ (පිරිවෙන්) මගින් ඒ ඒ පළාත් වල විද්‍යායතන පිරිවෙන් අධීක්ෂණය හා නියාමනය සිදුකෙරෙනවා. එමෙන් ම සහකාර අධ්‍යාපන අධ්යක්ෂ හිමිවරුන් සමග එක්ව ඒ ඒ කොට්ඨාහ වල ප්‍රගතිය නිරන්තර නිමසා බැලීමද නියෝජ්‍ය අධ්‍යාපන අධ්යක්ෂවරුන් වෙත පැවරෙක වගකීමක් බව අධ්‍යාපන අධ්යක්ෂ(පිරිවෙන්) හිමිපාණෝ අවධරණය කළා.
මෙම අවස්ථාවට ජාතික පිරිවෙන් උපදේශක පූජ්‍යපාද දොඩම්පහල රාහුල හිමිපාණන්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා, දහම්පාසල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, එච්.එස් හරිස්චන්ද්‍ර මහතා ඇතුළු පිරිසකගේ සහභාගිත්වය සිදුවුණා.
- රෝ බිය දුරුවී ලොව සුවපත් වේවා! - December 18, 2020
- ඵලදායිතාවට – ඵලදායී පියවරක්………… - August 24, 2020
- Covid 19 පැතිරීම වැළැක්වීමට පාසල් හා අධ්‍යාපන ආයතන සුදානම් කිරීම සඳහා චක්‍රලේඛය සහ උපදෙස් සංග්‍රහය - May 20, 2020