මව්බිම සුරකින යතිවර සළකුණ…..

වසර 1505 පසු උදාවන යුගය ශ්‍රී ලංකාද්වීපයේ ආර්ථික, සංස්කෘතික, ජාතික විපර්යාසයන් සිදුවූ යුගයකි. ඉන් ඉදිරියට දිවෙන ශතවර්ෂ හතරකට අධික කාල පරාශය අප හඳුන්වන්නේ යටත් විජිත යුගය ලෙසිනි. යුරෝපීයයන් ගේ විවිධ අඩම්තේට්ටම් වලට ලක්වන මව්බිම ඉන් නිදහස් කරගැනීමට ඒ ඒ යුගයන්හි පෙරමුණ ගෙන කටයුතු කළ පුරෝගාමියෝ බොහෝ වූහ. ඒ අතරින් සමීපාතීතය තුළ පෙරමුණ ගත් විරුවන් අතර සිහි කළයුතු යතිවරයන් වහන්සේලා සමූහයකි. ඒ අතරින් ටිබෙට් ජාතික සිකිම් මහින්ද හිමියන් (එස්.මහින්ද හිමි) අප සිහිකළ යුත්තේ උන්වහන්සේ කවිය අවියක් කරගනිමින් දේශය අවදි කරවීමට ගත් ‍අනවරත උත්සාහය හේතුවෙනි. විදේශිකයකු වුවත් බෞද්ධ භික්‍ෂූවක් ලෙස උන්වහන්සේ පෙරමුණ ගන්නේ භික්‍ෂුවක සතු කාර්යයභාරය මේ යැයි ප්‍රකට කරවමිනි. එවන් චරිත තුළ ගැබ්ව ඇත්තේ සදානුස්මරණීය යති ගුණයන්ය. ආධ්‍යාත්මික විමුක්තිය සොයන භික්‍ෂුව ස්වකීය මව්බිම හමුවේ වන අර්බුදයන් හඳුනාගනිමින් කළයුතු මෙහෙවර ආධ්‍යාත්මික විමුක්තියට පමණක් දෙවැනි වන බව උන්වහන්සේ ප්‍රකට කළහ. එවන් ‍ප්‍රගතිගාමී උදාර භික්‍ෂුව, ඉතිහාසය පුරාම දුටුගැමුණු රජසමයේ පටන් ජාතික ව්‍යසනයන්හි පෙරමුණ ගෙන ක්‍රියා කළහ.

1951මාර්තු 16 යුග මෙහෙවරක් වෙනුවෙන්  සිය ජීවිතය කැප කළ එස්. මහින්ද හිපාණන්‍ගේ අපවත් වීම සිදුවූ   දිනයයි. එළැඹෙන මාර්තු 16 වන දිනට‍ යෙදෙන්නේ උන්වහන්සේ ගේ 70 වන ගුණ සමරු දිනයයි. සදා සිහිකළ යුතු අමිල මෙහෙවරක් සිය යති ජීවිතය තුළ ඉටු කරමින් ජාතිය පුබුදු කළ උන්වහන්සේගේ ගුණයන් අප කවදත් සිහිකළ යුතුය.
            භික්‍ෂුවක ලෙස උන්වහන්සේ පෙන්නුම් කළ උදාරත්වය, ජාතික මාමකත්වය යුග යුග යති චරිතයන්ට ආදර්ශ සපයන මහා චරිතාපදානයකි. එවන් උදාර චරිතයන් හි ආභාෂයන් ආදර්ශයන් වත්මන් සඟපරපුරේ අංකුරයන් වෙතද චරිතායනය කළයුතුය. ස්වකීය භික්‍ෂු ජීවිතය තුළ වන භූමිකාවන් නිවැරදිව හඳුනාගනිමින් කටයුතු කළ හැකි මහා වනස්පතීන් බඳු චරිත සංවර්ධනය කළ හැක්කේ එවන් ජීවමාන සාක්‍ෂි ඇසුර කරවීම තුළිනි.

එස්. මහින්ද හිමියන්ගේ ගුණ සමරුව වෙනුවෙන් අම්පාර අධ්‍යාපන කලාපයේ සියලු පිරිවෙන් වල ඉගෙනුම ලබන ශිෂ්‍ය සාමණේරයන් වහන්සේලා හා සිසු දරුවන්ගේ සහභාගිත්වයෙන් විශේෂ ගුණ සමරු වැඩසටහන පෙළ ගැස්ම මෙසේ විවරණය වන්නේ ඒ උදාර චරිත සැමදා සිහිකළයුතු බව නැවත නැවතත් ආවර්ජනය කරමිනි.

 

 

 

 

සුවිශේෂි අරමුණු

  • එස්. මහින්ද හිමියන සිදුකළ ජාතික, ආගමික හා සාහිත්‍ය මෙහෙවර හඳුනාගැනීම.
  • භික්‍ෂූවක සතු විවිධ සමාජ භූමිකා තුළ ස්වකීය කාර්යයභාරය හඳුනාගනිමින් යහ මෙහෙවර ඉටුකිරීම.
  • අම්පාර අධ්‍යාපන කලාපයේ පිරිවෙන් 13 ක ඉගෙනුම ලබන සාමණේර භික්‍ෂූන් වහන්සේලාගේ චරිත සංවර්ධනය, නායකත්ව ගුණ සංවර්ධනය සඳහා වන වැඩසටහනක් ලෙස ක්‍රියාවට නැංවීම.
  • සාමණේර භික්‍ෂූන් වහන්සේලා තුළ වල විවිධ සක්‍යතාවන් ඔප් නැංවීම සඳහා වේදිකාවක් නිර්මාණය කිරීම.
  • ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලාගේ විවිධ දක්‍ෂතා ඇගයීම.
  • චරිත සංවර්ධනය සඳහා වන යහ ආකල්ප ගොඩනැංවීම

 

වැඩසටහන ක්‍රියාත්මක කරන ආකාරය

පළමු අදියර     

  • කලාපයේ සියලු පිරිවෙන් දැනුම්වත් කිරීම
  • ඒ ඒ පිරිවෙන් වල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලා අතරින් දක්ෂතා ඇති සාමණේරයන් වහන්සේලා තෝරාගනිමින් උනවහන්සේලා ලවා එස්.මහින්ද හිමි ගේ ජාතික ආගමික, සාහිත්‍ය මෙහෙවර පිළිබඳව කථා ඉදිරිපත් කරවීම.
  • එස්.මහින්ද හිමි නිර්මාණය කළ කවි පන්ති ගායනය සඳහා සිසුන් තෝරාගැනීම.

දෙවන අදියර

  • 03.16 දින සවස අම්පාර නගර මධ්‍යයේ සිට භික්‍ෂුන් වහන්සේ ලා පාගමනින් නගර ශාලාව වෙත වැඩම කරවීම.
  • ගුණසමරු වැඩසටහන පැවැත්වෙන දිනයේ තෝරාගත් ශිෂ්‍ය භීක්‍ෂූණ් වහන්‍සේලා විසින් එස්. මහින්ද හිමි පිළිබඳ කතා ඉදිරිපත් කිරීම
  • එස්. මහින්ද හිමි රචිත පද්‍ය ගායනා ඉදිරිපත් කිරීම.
  • එස්. මහින්ද හිමියන් භික්‍ෂුවක වශයෙන් කළ ජාතික, සාහිත්‍ය මෙහෙවර පිළිබඳ ආරාධිත දේශණයන් පැවැත්වීම

සම්පත් දායකත්වය –

  • ඒ ඒ පිරිවෙන් මගින් තෝරාගත් ශිෂ්‍ය හිමිවරුන්
  • ආරාධිත විශේෂ දේශකයන්

සංවිධානය –

            අම්පාර දිස්ත්‍රික් පිරිවෙන් සමූහය

 

අනුග්‍රහය –

  • අම්පාර කලාප අධ්‍යාපන කාර්යාලය
  • අම්පාර නගරික ව්‍යාපාරික ප්‍රජාව
  • අම්පාර දිස්ත්‍රික් පිරිවෙන් සමූහය

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: