සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් පරිදි පාසල් තුළ සුදුසු සෞඛ්යාරක්ෂිත පරිසරයක් ගොඩ නැගීම හා ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය සෑහීමකට පත් වීම පාසල් ආරම්භ කිරීමට පෙර සිදු විය යුතුය. එ් අනුව පළමු පියවර ලෙස සිදු විය යුතු වන්නේ රෝග පැතිරීම හා රෝගය වළක්වා ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව නිසි ලෙස අවබෝධ කර ගනිමින් එයට අනුකූල වන පරිදි පාසල් පරිසරය සකස් කර ගැනීමය. එසේ හෙයින් විශේෂ අවධානය යොමු කර පාසල් පරිසරයේ සෞඛ්‍යාරක්ෂිතබව තහවුරු කිරීමට ක්‍රියා කිරීම සියලූ පාර්ශවයන්ගේ වගකීම වේ. ලෝකය පුරා පැතිර යන Covid 19 ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වසංගත තත්ත්වයක් ලෙස හඳුන්වා දී ඇත. එබැවින් මෙම රෝග තත්ත්වය පැතිරීම වළක්වාලීම සඳහා පහත සදහන් උපදෙස් පිළිබඳ විශේෂ අවධානය යොමු කර
කටයුතු කළ යුතුය. මෙම මාර්ගෝපදේශය, රෝගයට නිරාවරණය වීම සීමා කිරීම සහ පාසල තුළ සම්පේ‍්‍රෂණය වීමේ සම්භාවිතාව අඩු කිරීම සඳහා මඟ පෙන්වයි. පාසලේ දී අනුගමනය කරන වැළැක්වීමේ පියවර පමණක් ප්‍රදේශයේ රෝගය පැතිරීම වළක්වා ගැනීමට ප්‍රමාණවත් නොවන නමුත් රෝග පැතිරීම අඩු කිරීමට දායක වේ. එසේම පාසල් ප්‍රජාව දෛනික ක්‍රියාකාරකම් සඳහා යොමු
කිරීමට ද චාර්යාත්මක වෙනස්කම් සඳහා ද උපකාර වේ. ඒ අනුව ප්‍රජා දැනුවත් කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මුද්‍රණය කර ඇති දැන්වීම් පෝස්ටර් පිරිවෙන/පාසල තුළ ප්‍රදර්ශනය කරමින් දැනුවත් කිරීමේ කාර්ය සදහා දායකවීමත් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ගේ සහාය අවශ්‍ය පරිදි ලබා ගනිමින් පිරිවෙනේහි/පාසලේහි සේවකයන්/සිසුන් පාසල් ප්‍රජාව දැනුවත් කිරීමට ක්‍රියා කිරීමත් අපේක්ෂා කෙරේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අර්ථ දැක්වීමට අනුව ආසාදන පාලනය හා වැළැක්වීම යනු විද්‍යාත්මක ප්‍රවේශයක් සහ ආසාදනවලින් සිදු වන හානිය වැළැක්වීම සඳහා නිර්මාණය කර ඇති ප්‍රායෝගික විසඳුම වේ.